සොෆීගේ ලෝකය

Author: Asith /

ඔන්න සති දෙකක් තිස්සේ සොෆීගේ ලෝකය කියවල අද ඉවර කළා...ගොඩක් වටින පොතක්...දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ...දර්ශනය වගේ බරසාර මාතෘකාවක් ගැන ලියවිලා තියනව කිව්වම මාත් ටිකක් අදිමදි කලා මේ පොත මිලදී ගන්න...හැබැයි "සොෆීගේ ලෝකය" කියවපු කවුරුත් වගේ දන්නවා මේ පොත කොච්චර රසවත්ද කියලා...කියවල බලන්නකෝ පොතේ පසු කවරයේ මොනවද කියන්නේ කියලා..."" අවුරුදු දහහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නමැති නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක දවසක තම තැපල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමු වෙයි. ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි, ඔබ කවුද? ආවේ කොහෙන්ද?
මේ ලිපි ලියූ පුද්ගලයා ගුප්ත දාර්ශනිකයකු වූ ඇල්බර්ටෝ නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක, ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් සාත්‍රෙ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි. ඉතාමත් සිත් අදනාසුලු, විනෝදාත්මක ලිපි පෙළක් ඇසුරින්ද ඉකිබිති පෞද්ගලිකව පැමිණීමෙන්ද ඇල්බර්ටෝ නොක්ස්, මනුශ්‍ය ශිෂ්ටාචාරය උදා වූ තැන පටන් දාර්ශනිකයන්ගේ විමසීමට යෙදුණ මූලික ප්‍රශ්න පිළිබඳ සොෆීගේ විමංසනාත්මක මනස පුබුදු කරවයි ""

මේ පොත අපි හුගදෙනෙක් කියවල තියෙන ආකාරයේ නවකතාවක් නම් නොවෙයි...අනික එක හුස්මට කියවන්න පුළුවන් පොතකුත් නෙවෙයි...මොකද මම එහෙම කියන්නේ දර්ශනය වගේ මාතෘකාවක් එක්ක ගොඩනැගෙන මේ කතාව අවුරුදු 3000 ක් තරම් ඈත අතීතයකට අපිව කැදවාගෙන යනවා...ඩෙමොක්‍රිටස් , සොක්‍රටීස් , ප්ලුටෝ ,ඇරිස්ටෝටල් ,ඩෙකාට් ,ස්පිනෝසා ,ලොක් ,හියුම් ,බර්ක්ලේ ,බියැහ්කෙලී ,කාන්ට් ,හේගල් ,මාක්ස් ,ඩාවින් ,ෆ්‍රොයිඩ් වගේ මහා දාර්ශනිකයන් එක්ක ලෝක දර්ශන ඉතිහාසයේ අල ගිය - මුල ගිය  තැන් ඉතාමත් සිත් ඇදගන්නාසුලු ආකාරයට විස්තර කරන හින්ද සෑම ජේදයක් අවසානයේදීම අපිට හිතන්න දහසකුත් දේ මනසට ලැබෙනවා...ඒක හින්දා ටිකක් ඉවසීමෙන් හිමින් සීරුවේ කියවන්න ඔනේ පොතක්...ඒ වගේම අපි ජීවිතය ගැන නොහිතන නොදකින පැතිකඩයන් විවර කරදීමට "සොෆීගේ ලෝකය" සමත් වෙනවා...උදාහරණයක් කිව්වොත්  එක දවසක් සොක්‍රටීස් හැම ජාතියේම භාණ්ඩ තියන වෙළදසලක් දිහා බලන් ඉදල අවසානයේදී මෙහෙම කිව්වලු " මට ඕනේ නැති දේවල් කොයි තරම් තියනවද! " කියලා , " ඩයජිනිස් අන්ටිස්තිනිගේ ශිෂ්‍යයෙක්. ඔහු පීප්පයක වාසය කිරීමද ලෝගුවකුත් සැරයටියකුත් පාන්මල්ලකුත් හැරෙන්නට වෙන කිසිම දෙයක් අයිතිව නොසිටීමද ගැන ප්‍රසිද්ධයි.(එම නිසා ඔහුගෙන් සැපත සොරා ගැනීම ලේසි නෑ) එක දවසක් ඔහු තමාගේ පීප්පය ළග වාඩි වී හිරු රැස් නාමින් ඉද්දි මහා ඇලෙක්සැන්ඩර් එතැනට ආවා...මහාධිරාජයා ඔහු ඉදිරියේ හිටගෙන ඔහුගෙන් ඇහුවා මොනවා හරි දෙයක් කරලා දෙන්න ඕනෑද කියලා...ඔහු ආශා කරන දෙයක් එහෙම තියනවද ? එතොකොට ඩයජිනිස් කිව්වා " ඔව් පැත්තකට වෙන්න ඔබ හිරු රැස් මුවා කරනවා ". මේ ආකාරයට ඩයජිනිස් පෙන්නුවා තමා ඉදිරියේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසා තරම්ම තමාද ධනවත් බව.."" ඉතින් පිටු 607 ක් පුරාවට ගලායන මේ නවකථාවේ දැනුම සහ විනෝදයෙන් සපිරිනු මෙවන් පරිච්ඡේද ගණනාවක්ම සමන්විතයි...

පෝස්ටුව අවසන් කීරිමට මත්තෙන් මෙමෙ කෘතියේ පරිවර්තිකාව වූ රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය ගැනත් විශේෂයෙන්ම සදහන් කල යුතුමය ..සරල සුගම්‍ය භාෂාවකින් පරිවර්තනය කර ඇති මේ  වටිනා කෘතිය සිංහළ පාඨකයන් හට දායාද කිරීමෙන් ඇය අමිල සේවයක් සිදුකර ඇත.එමෙන්ම විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වුණු මේ කෘතියේ ඝනකම් පිටකවරක් සහිත බාහිර නිමාවද කෘතියේ අන්තර්ගතය මෙන්ම අතිවිශිෂ්ඨය , සිත්ඇදගන්නා සුළුය .....අවසාන වශයෙන් "සොෆීගේ ලෝකය" නම් හොඳම පොතක්..........නිවී සැනසිල්ලෙ කියවන්න.


7 comments:

Mudith Vidanagamage said...

සොෆීගේ ලෝකය, සාන්තියාගෝ නම් සැරිසරන්නා පොත් මිළට ගන්න පුළුවන්ද? තවම මුද්‍රණය වෙනවද? ඒ ගැන තොරතුරක් දෙන්න පුළුවන්ද මිත්‍රයා...

Mudith Vidanagamage said...

සොෆීගේ ලෝකය, සාන්තියාගෝ නම් සැරිසරන්නා පොත් මිළට ගන්න පුළුවන්ද? තවම මුද්‍රණය වෙනවද? ඒ ගැන තොරතුරක් දෙන්න පුළුවන්ද මිත්‍රයා...

Asith said...

සොෆීගේ ලෝකය ගන්න පුළුවන් අලුත් මුද්‍රණය නිකුත් වෙලා තියෙන්නේ..සාන්තියාගෝ නම් සැරිසරන්නා ලබන සතියේ මුද්‍රණය වෙනවා.. මේ නම්බර් එකට කෝල් කරලා ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන් 072 349 6626..

Asith said...

සමාවෙන්න ඕනේ කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ..

Sachini Sathsara said...

🖤

tharu said...

blog kiyanne mara thanak neda. sofi's world eka mama gaththa.

Unknown said...

Pdf නැද්ද

Post a Comment