යශෝධරා - නෙළුම් මලේ කුමරිය

Author: Asith /

යශෝධරාවන්ගේ උත්තරීතර පෙම ගැන කියැවෙන විලියම් ඊ.බැරට් නම් කතුවරයාගේ Lady of the Lotus නම් කෘතියේ සිංහල පරිවර්තනය " යශෝධරා "..මෑතකදී කියවූ ඉතාම ඉහල ගණයේ  පරිවර්තන කෘතියකි.
+ + + + + + + + + +
"" බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමරු හා කෝලිය දේශයේ රජ කුමරියකු වූ යශෝධරා පිළිබද කතාන්දරය ලෝක ඉතිහාසයේ විශිෂ්ට විචිත්‍රාත්භූත කතාන්දරයකි...අසාමාන්‍ය ප්‍රේම වෘතාන්තයකි...මේ කෘතිය සදහා මා කළ පරේෂණ ආශ්‍රයෙන් ගොඩනැගුණු පෞද්ගලික පුස්තකාලය තුල බුදු දහම - හින්දු දහම , ඉන්දියාව - නේපාලය ආදී විෂයන් මුල් කොට ගත් කරුණු අඩංගු වෙළුම් 430 ක් පමණ ඇත...බුද්ධාගම පිළිබද ප්‍රාමාණික විද්වතුන් බොහෝ දෙනෙකු හා සමග ද , බෞද්ධ භික්ෂුන් වහන්සේ හා සමග ද  බෞද්ධ රටවල අන්‍ය ආගමික පුජකවරුන් හා සමගද මම සාකච්චා කලෙමි...සිද්ධාර්ථ හා යශෝධරා නේපාලයෙහි ඇවිද ගිය මං මාවත්වල මමද ඇවිද ගියෙමි...බුරුමය ,තායිලන්තය ,ජපානය ,මලයාසියාව,හොංකොං ,ආදී රටවලින් ආරම්භ ව බාහිර ලොවට විහිද යන මාවත්හි ද මම ගමන් කලෙමි...එසේ කරන්නට සිදු වුයේ මා දැන සිටින රටවල දී මා හොදින් දැන සිටින කතාන්දරයක් පැවසීමේ කාර්යයේහි දී ය...මම මගේ ප්‍රිතිභානයෙන් බොහෝ තැන් යා කොට පාලම් ගොඩ නැගුවෙමි...ඒවා ශක්තිමත් පාලම් බව මම විශ්වාස කරමි...මෙහි ඇත්තේ සිදු වූ අයුරින් පවසා ඇති ඒ කතාන්දරයි.. ""
- විලියම් ඊ.බැරට් -

Lady of the Lotus - William Edmund Barrett
යශෝධරා - නෙළුම් මලේ කුමරිය 
පරිවර්තනය :  ආනන්ද අමරසිරි මහතා.
මිල : රු 780/-
පිටු 658
සූරිය ප්‍රකාශනයක්

සිත පිවිතුරු ළද - ආනන්ද අමසිරි

Author: Asith /

මේ සතියේ කියවලා ඉවර කරපු හොද පරිවර්තන කෘතියක් ...
" සිත පිවිතුරු ළද " නමින් ආනන්ද අමසිරි මහත්මා සිංහලට පරිවර්තනය කර ඇත්තේ ප්‍රංශ ලේඛක ඔනෝරේ ඩි බල්සාක් විසින් රචිත " යුජෙනී ග්‍රන්දේ ( Eugénie Grandet ) " යන සම්භාව්‍ය කෘතියයි..ප්‍රංශ සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමිකරගෙන සිටි බල්සාක් විසින් වසර 13 ක් තිස්සේ රචනාකරන ලද කෘති 90 කට වැඩි සංඛ්‍යාවක් මානව ප්‍රභසන නවකතා මාලාව ( Human Comedy series ) යන පොදු නාමයෙන් 1833 වර්ෂයේදී ඉදිරිපත් කළේය..එකී නවකතා මාලාවට ඇතුලත් වූ " යුජෙනී ග්‍රන්දේ " බල්සාක්ගේ විශ්ෂ්ඨතම කෘතිය ලෙස අවිවාදයෙන් පිළිගැනේ...1843 දී රුසියානු මහා ගත්කරු ප්යෝදර් දොස්තොයෙව්ස්කි විසින් යුජෙනී ග්‍රන්දේ රුසියන් බසට පරිවර්තනය කළේය.

ප්‍රංශයේ ගම්බද පෙදෙසක ජීවත් වූ ග්‍රන්දේ නම් තණ්හාධික ඉඩම් හිමියාගේ 23 හැවිරිදි එකම දියණිය " යුජෙනී ග්‍රන්දේ " වටා මේ මනරම් නවකතාව දිග හැරේ..මිදි අක්කර දහස් ගණනකින් යුත් දැවැන්ත වතුයායන් , දඩයමට සුදුසු වන සතුන්ගෙන් ගහණ ලදු කැලෑ සහිත ග්‍රන්දේගේ සියලු දේපල මිල මුදල්හි අවසාන උරුමක්කාරිය වන්නේ සුරූපී යුජෙනී ග්‍රන්දේයි..ඇයගේ මේ මහා බූදලයට ලෝබ බැඳ ගත් වංශවත් පවුල් දෙකක් , යුජෙනී ග්‍රන්දේ හිමි කරගැනීමට ද්වන්ධ සටනක නිරත වුවත් හදිසියේ සිදුවන අලංකාර නාගරිකයෙකුගේ ආගමනයකින් සියල්ල උඩුයටිකුරු වී යයි..හදවත් සසල කරවන ප්‍රබල සිදුවීම සමුදායකට මුහුණ දෙන යුජෙනී ග්‍රන්දේගේ අනාගත ඉරණම කුමකින් කුමක් සිදුවේවිද..? පිටු 327 පුරාවට ගලායන ග්‍රන්දේ පවුලේ වෘතාන්තය ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් අවුලමින් මා සිත ඇද බැඳ තබාගැනීමට සමත්වූ කෘතියක් ලෙස නම් කලහැකියි..

Eugénie Grandet (1833)
Novel by Honoré de Balzac
සිත පිවිතුරු ළද - ආනන්ද අමරසිරි මහතා
මිළ රු 470/-
සුරිය ප්‍රකාශනයක්
පිටු 327