බැද්දේ කුලවමිය

Author: Asith /

මා දැඩි ලෙස කම්පනයට පත් කල නවකතාවක් වූ සිටුවර පුවත නවකතාවෙන් මා හදුනා ගත් රූපා ශ්‍රියානි ඒකනායක මහත්මියගේ තවත් අපුරු සාහිත්‍ය නිර්මාණයක් කියවන්නට ලැබිණ...සිටුවර පුවතෙහි එන පණ්ඩුල තරමටම ප්‍රබල නොවූ " තේමිය " නම් හිතට හොරා සිය ජිවිතය පවත්වාගෙන යන ගුප්ත චරිතයත් " චංචලා දේවි " නම් අවංකවම ආදරය සොයන දඩබ්බර ගැමි තරුණියත් වටා මෙකී කතාව දිග හැරෙයි..තෙමියගේ සුළු පියා වූ ධනවත් බලවත් එඩ්වින් ලොකු ලියනආරච්චිත්,තම පුත්‍රයා සහ ස්වාමි පුරුෂයාගේ දැඩි පීඩනය මැද ජීවත් වෙන තෙමියගේ මව වන කුමාරි මැණිකේත් මෙකී නවකතාවේ සෙසු ප්‍රධාන චරිත වෙති..සිය නාමික පියාට දැඩි ලෙස වෛර කරන තේමිය සිය නිවසේ සියලු සැප සම්පත් අතහැර සැනසීම සොයා ගමට සංක්‍රමණය වීමත් ගමේදී ඔහුට හමුවන චංචලා දේවි නම් ගැමි තරුණිය විවාහ කර ගැනීමත් සමගම ඇතිවන මෙමෙ පවුලේ ඝට්ඨනය ඉතා සංකීර්ණය..සම්ප්‍රදායික නවකතාවක ආකෘතිය ගත්තත් මෙකී නවකතාව මතුකරන ජීවන දර්ශනය ඉතා වැදගත්ය.." මිනිස් ජීවිතවලට අවශ්‍ය සැනසීම ඇත්තේ කොහි ද? " බැද්දේ කුලවමිය මෙම ප්‍රකාශය විමර්ශනාත්මකව ප්‍රශ්න කිරීමට ලක් කරයි..

මම සෑම සති අන්තයකම ගමට ගොස් චංචලා සමග සැනසිල්ලේ ජීවත් වෙන්නට පටන් ගතිමි..චංචලාගේ යෝධ අධ්‍යාත්මය අප සියලු දෙනා අබිබවා නැගී සිටින්නේ යැයි මට සමහර විට සිතේ..අප දෙදෙනාම අසාවෙන් වැලද ගත යුතුව තිබුනේ මෙවැනි ජීවිතයක් යැයිද මෙතෙක් කල් අප දෙදෙනා ම අයාලේ යමින් අතරමං වී සිටියේ යැයි ද මට පසක් වන්නට පටන් ගත්තේය..ජිනපාල ගේ වියෝවෙන් ඇති වූ අවකාශය පිරවීමට කිසිවෙක් සමත් නොවුවද චංචලා සමග නැවත ගමේ විසීම අතිශය ප්‍රියජනක විය..අපි දෙදෙන බොහෝ සැදා කාලවල ජිනපාල ගේ නිවසේ ආලින්දය ට වී ඈතින් දිස් වෙන තුරු වදුලුවල හා කුඹුරු මත වැතිර ඇති සාමයේ හා සංහිදියාවේ මිහිර විද ගතිමු..
.......
......
......
බොහෝ විට අම්මාද චංචලා බැලීමට මා සමග පැමිණියාය..ඈ විසින් හඩ ගාමින් වැලපෙමින් බදා ගත් භෞතික සම්පත් සියල්ල නිස්සාරණ පුහු දේවල් යැයි ඇය නිතර කීවේ චංචලා ව සැනසීමට පමණක් විය නො හැකිද ?

බැද්දේ කුලවමිය
රූපා ශ්‍රියානි ඒකනායක
මිල රු 490/-
සුරිය ප්‍රකාශණයක්
පිටු 291

0 comments:

Post a Comment