බෲස් ලී

Author: Asith /

හදිසියේ පැමිණ, හදිසියේ පහර දී හදිසියේ වියෝ වූ තැනැත්තා " බෲස් ලී "

මේ කෘතිය ලෝක පූජිත සටන්කරුවකු, සටන් නළුවකු මෙන් ම සටන් කලා ගුරුවරයකු වූ බෲස් ලීගේ ජීවිතය හා බැඳුණු සත්‍ය සිදුවීම් අලලා ගෙතුණු වෘතාන්තයයි...1940 වසරේ නොවැම්බර් මස 27 වන දින  හොංකෙං යුවළකට දාව අමෙරිකාවේ කැලිෆෝනියාවේ රෝහලක උපන් බෲස් ලීගේ වසර 32 කට සීමා වූ කෙටි ජීවන ගමන් මග විභාග කොට බැලීමක් වන මෙම කෘතිය ,අපට වැදගත් වෙන්නේ හුදෙක් ඔහු ප්‍රවීණ සටන් ශිල්පියෙක් වූ නිසාම පමණක් නොවේ...ඒ ඔහුගේ ගමන් මග විල්ලුද පලස්‌ හෝ බුමුතුරුණු මත ආ සුව පහසු ගමනක්‌ නොවන නිසාත් සටන් ශිල්පය ප්‍රගුණ කර ගැනීමට ඔහු තුල වූ අප්‍රිතිහත ධෛර්යයත් ,එය නිසියාකාරව ග්‍රහණය කරගැනීමත් ,එය නැවත නැවත පුහුණු වීම තුලින් එම ශිල්පයේ විශිෂ්ඨයෙකු වීමත් තුලින් අප හට ලබාදෙන මහගු ආදර්ශය නිසාය...බෲස් ලී ,පොරකුකුලෙක් මෙන් කොතෙකුත් රණ්ඩු වලට පැටලුණු " නොම්මර එකේ ගණන්කාරයකු " නොව ,සටන් ශිල්පය පිළිබධ බොහෝ තොරතුරු පසුපස හඹා ගිය උගතෙකු ,පරේෂකයෙකු ,බොහෝ පොත පත කියවූ පොත් රැස් කර තබා ගනිමින් තමාගේම පුස්තකාලයක් ගොඩනගාගත් කලාකරුවෙකු, දයාබර සැමියෙකු මෙන් ම ආදරණීය පියෙකු බව මේ ග්‍රන්ථය පෙන්වා දෙයි
" එන්ටර් ද ඩ්‍රැගන් " පසු තලයේ අතිරේක නළුවන් සිය ගණනක් සිටියා..ඒ අය සටන් කාමීන් නොවෙයි..සෝබන කාරයින් ලින්ඩා ලී කියයි..මේ එක් අයෙක් බෲස් ලීට අභියෝග කලා..එයා නිතරම බෲස් ලීව හෙළා දකිමින් කථා කරන්න පටන් ගත්තා.." තමුසේ ඔය කයිවාරු ගහන දේ ඇත්තටම කරන්න පුළුවන් දේවල් නොවෙයි.." ඔහු කී අතර බෲස් ලී නිතරම මිනිහා මග අරිමින් කටයුතු කළා.." තමුසේ කොහොම හිතුවත් මට කමක් නැහැ.." අවසානයේ බෲස් ලී කීවා..

මේ මිනිහා දිහින් දිහටම බෲස් ලී ට අවමන් කළා..එක දවසක් බෲස් ලී නරක මුඩ් එක්ක ඉන්න විට මේ හාදයා මොකක්ද කිව්වා..බෲස් ලීටත් ඉක්මනට කේන්ති යන ගතියක් තිබුණා..බෲස් ලී අත දිග හැරිය විතරයි........."

The Legend of Bruce Lee
බෲස් ලී
පරිවර්තනය : අභය හේවාවසම්
සුරිය ප්‍රකාශකයෝ
මිල රු 230
පිටු 175

1 comments:

Unknown said...

මට මේ පොත මිල දී ගන්නට වුවමනායි. ඒත් Bruce Lee පොත දැන් විකිණීමට නැහැ කියලා පොත් ප්‍රකාශකයෝ කියනවා. Bruce Lee පොතේ පරිවර්තකගෙ (අභය හේවාවසම් මහත්මාගෙ) දුරකථන අංකයක් තියෙනවනම් මට ලැබෙන්න සලස්සවන්න. ලොකු උපකාරයක්...

Post a Comment