හර්මන් මෙල්විල්ගේ ධවල තල්මසාගේ කතාපුවත

Author: Asith /

මුළු ජීවිත කාලයම තල්මසුන් දඩයම් කරමින් මුහුදේ ගත කළ මිනිස් ගති මිරිකා දැමු දෙවියන් නො අදහන එහෙත් තමා දෙවියෙකුයි සිතන, ඉර හදට පවා සාප කරන නොපසුබටනා වීරියෙන් යුත් අයෝමය මිනිසෙකු වූ " කපිතාන් අහාබ් " හා තමා මැරීමට එන නැව් වලට පහර දී නැවියන් මාරා දමන නම ඇසු පමණින් නැවියන් තැති ගන්වන එක විට මුහුදු කිහිපයක දක්නා ලද අවතාරයක් බදු මිනිසාට වඩා ඥානවන්ත "මෝබි ඩික්"නම් හිම කන්දක් තරම් විශාල ධවල තල්මසෙකු අතර ඇතිවන සටනයි " ධවල තල්මසාගේ කතාපුවත "
මිනිසා හා සොබාදහම අතර ද හොද නරක හා ධර්මය අධර්මය අතරද පවතින ගැටුම මෙල්විල්ගේ ධවල තල්මසාගේ කතාපුවතින් සාකච්චාවට බදුන් වෙයි....

"ඊට පස්සේ සුදු තල්මසාට මොකද වුණේ?" මෙතෙක් වෙලා කතාවට සවන් දී සිටි අහබ් නොවිසිල්ලෙන් ඇසුවේය..
" ඊට පස්සේ කාලයක් ගත වන තෙක් අපට සුදු තල්මසා දකින්න ලැබුනේ නැහැ..මගේ අතට මේ විපත්තිය කළ තල්මසා මා කලින් හැදින හිටියේ නැහැ...ඊට බොහෝ කාලයකට පස්සේ අපට මෝබි ඩික් ගැන අහන්න ලැබුණා..මගේ මේ අතට මේ විපත්තිය කළේ මෝබි ඩික් බව දැන ගත්තේ ඊට පස්සෙයි "
" ඊට පස්සේ ආයෙත් මෝබි ඩික් හමු වුණේ නැද්ද ?"
" මොකද නැත්තේ දෙපාරක් හමු වුණා "
" මරන්න වෑයම් කලේ නැද්ද? "
" නැහැ එක අතක් නැති කර ගත්තම මදිද ? අනෙක් අතත් නැති කරගන මං මොනවා කරන්නද ? මං එක වතාවක් මෝබි ඩික් එක්ක සටන් කලා...ඒ ඇති...ඌ මැරුවෝත් විශාල කීර්තියක් ලැබෙන බව මං දන්නවා...නැවක් පිරෙන්න තෙල් ලබා ගන්න පුළුවන් බවත් මං දන්නවා...නමුත් ඌ මරන්න ගිහින් වැඩ වරද්දා ගන්නවාට වඩා හොදයි නිකන් ඉන්න එක " යයි ඔහු අහාබ් ගේ කකුල දෙස බලා කල්පනා කොට කී ය..
" කොච්චර කල් වෙනවද ? ඌ කොයි පැත්තටද ගියේ මොනවා උනත් කොතැන ගියත් මං ඌ මරනවා! " යි අහබ් නොඉවසිල්ලෙන් කෑ ගසා කීවේය....

හර්මන් මෙල්විල් ධවල තල්මසාගේ කතාපුවත
පරිවර්තනය : සිරිල් සී.පෙරේරා මැතිතුමා
ගොඩගේ ප්‍රකාශණයක්
මිල රු 400 /-
පිටු 236

0 comments:

Post a Comment