රෝස්

Author: Asith /

ලස්සන කතාවක්.
"රෝස්" නමින් මෙසේ එළිදැක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ලේඛිකාවක වූ Holly Webb ගේ Rose නැමති කෘතියයි...අනාථ නිවාසයක හැදී වැඩුණු රෝස් නම් දැරියකගේ කතාව මෙයට ඇතුලත්ය...රෝස් විශ්වාස කළ නොහැකි අන්දමේ මායා බලයක් සහිත දැරියක වුවාය...නමුත් ඈ ඒ බව දැනගන්නේ අනාථ නිවාසයෙන් පිට වී ධනවත් මැජික් ශිල්පියෙකුට අයත් නිවසක මෙහෙකාර සේවය සදහා නික්ම ගිය පසුව ය...අලුත් නවාතැනේදී ඇයට අලුත් යාළුවන් රැසක් මුණගැසුනත් ඇය සමග අනාථ නිවාසයේ සිටි හොදම යාලුවෙක් අතුරුදහන් වෙයි...ඇය සොයා යාමට අදිටන් කර ගන්නා රෝස්ට ලන්ඩන් නගරය පුරාවට අතුරුදහන් වන තවත් ළමයින් සොයා යෑමට සිදු වේ.
රෝස් සතුවූ අපුරු මායා බලයක් ගැන කියවෙන සුරංගනා කතාවක් බදු වූ මේ කෘතිය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මහත් ආශ්වාදයක් ලබාදෙන නිර්මාණශීලි කතාවක් ලෙස හැදින්විය හැකිය.

Rose by Holly Webb
පරිවර්තනය :රෝස්
පරිවර්තිකා :මානෙල් ජයන්ති ගුණසේකර
මිල රු 460/-
පිටු 265
පහන් ප්‍රකාශනයක්

0 comments:

Post a Comment