පව්කාරයකුගේ ප්‍රේම සවාරිය

Author: Asith /

"....තමාට තමන් විසින් ම හානි කර ගත හැකි තරම් මිනිසෙකුට හානි කිරීමට සතුරන් දස දෙනකුට වත් නොහැකි බව පැවසෙන යීඩිෂ් කියමන ගැන "හර්මන්" සිතුවේය...එහෙත් ඒ සියල්ල තමන් විසින්ම කරගන්නා දේවල් නොවූ බව ඔහු දැන සිටියේය...එහි සෑම විටම ඔහුගේ සැගවුණු සතුරා ,ඔහුගේ යක්ෂාවේශ සතුරා සිටියේය...මරා දැමීමෙන් ඔහුව විනාශ කරනවා වෙනුවට ඔහුගේ සතුරා ඔහු සදහා අලුත් සහ දුෂ්කර වධ හිංසා අභිනවයෙන් හදුන්වා දීම දිගින් දිගටම කරමින් සිටියේ ය.
හර්මන් සයුරෙන් සහ හිමපතනයෙන් හමා ආ සීතල වාතය ආශ්වාස කළේ ය...පිටත බැලු ඔහුට යාච්ඤාවක් කීමට ආශාවක් දැනිණි...එහෙත් කවුරුන් හටද ? දැන් ඔහුට උත්කෘෂ්ට බලයන්ට කතා කිරීමට නිර්භීත විය හැකි වුයේ කෙසේද ? එමෙන්ම ඔහු යාච්ඤා කළ යුතු වුයේ කුමක් සදහා ද ? මද වෙලාවකට පසු ඇද වෙතට පෙරළා පැමිණි ඔහු "යාද්විගා" අසළින් වැතිර ගත්තේය..එය ඔවුන් එකට ගත කරන අවසාන රාත්‍රිය විය..උදයේදී ඔහු තමාගේ තවත් එක් චාරිකාවකට පිටත්ව යාමට ,එනම් "මාෂා" සමග කල් ගෙවීම සදහා පිටත්ව යාමට නියමිතව තිබිණි..."

Enemies (1966) by Isaac Bashevis Singer
පව්කාරයකුගේ ප්‍රේම සවාරිය
පරිවර්තනය : පසන් කොඩිකාර
මිළ රු 420/-
පිටු 300
විදර්ශන ප්‍රකාශණයක්


0 comments:

Post a Comment