මාරියෝ වර්ගාස් ලෝසා, ඔහුගේ නම වන නවකථාව වන Who Killed Palomino Molero? කෘතිය සමගින් රහස් පරීක්ෂක ප්‍රබන්ධ වෙත විතැන්වී තිබේ..මෙම නවකතාවට පාදක වී තිබෙන්නේ 1950 ගණන්වල පේරු රටයි..උතුරු කාන්තාර ප්‍රදේශයේ, ගුවන් හමුදා කදවුරක් ආසන්නයේ ,තරුණ ගුවන් හමුදා භටයෙක් මරා දමා තිබියදී හමු වෙයි..ලුතිනන් සිල්වා සහ ලීටුමා නම් ඔහුගේ සහායක නිළධාරිය ඒ පිළිබධව පරීක්ෂණ සිදුකරයි..ඔවුන්ට ගමන් ගන්නට නිළ වාහනයක් පවා නොමැති හෙයින් ඔවුන් අපරාධය සිදු වූ ස්ථානයට ගමන් කරන්නේ පවා කැබ් රියදුරෙකුට බොරු කියා රවටා ඒ මර්ගයනි..ඔවුන්ගේ පාලන අධිකාරීන් ඉතාම උදාසීන පිරිසකි..ගුවන් හමුදා කදවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා පවා ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු වලට බාධා කරමින් මග අහුරන නමුත් ලුතිනන් සිල්වා සහ ලීටුමා කෙසේ හෝ සත්‍යය එළිදරව් කරගැනීමට අදිටන් කරගනියි...
Who Killed Palomino Molero? ඉතා රසවත් මෙන්ම විශිෂ්ට කතා වස්තුවක් සහිත අභිරහස් නවකතාවකි..ඒ හරහා වර්ගාස් ලෝසා ඔහුගේ ආවේනික තේමාවන්ගෙන් එකක් වන දුෂිත සමාජයක අවංක මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අභියෝගයේ අපේක්ෂා භංගත්වය වෙත අපව කැදවාගෙන යයි..
(මුල් කෘතිය ඒ ආකාරයෙන්ම පරිවර්තනය කර ඇති නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)
" මම ඉන්නේ වෙරි මරගාතේ වෙන්නේ පුළුවන්.එත් මම ඒ වගේ අධමයෙක් නෙමෙයි..අනික තමුසේ මට කල්ලෙකුට සලකන්න ලෑස්ති වෙන්න එපා..ඔහු මද විරාමයක් තැබුවා..අයෙමත් අමිහිරි ලෙස කිව්වා, ' එත් තමුසෙට මොනවහරි දැනගන්න ඔන්නම් අහගන්නවා....මිනිහ ඉල්ලගෙන කෑවේ...
ඔහේ කියන්නේ ප්ලෝමිනෝ මොලේරෝ..?
..
..
..
..
කොහොමද මිනිහ ඉල්ලගෙන කෑවේ?
මොකද කියවනවා නම් මිනිහ ඕනෑවට් වඩා උඩ ගියා..මිනිහ අනුන්ගේ වත්තක දඩයමේ ගියා..ඒ වගේ වැරදිවලට වන්දි ගෙවන්නම වෙනවා..මිනිහ ගෙව්වා ,ගෙවන්න ඕනේ විදිහටම."
ලිටුම ගේ ඇගේ හිරිගඩු පිපුණා.මේ මිනිහා සියල්ලම දන්නවා.
" මම තමුසෙත් එක්ක එකගයි..මචං ඕනවට වඩා උඩ ගිය එකෙක් අනුන්ගේ වත්තකට පැනල දඩයමේ ගිය එකෙක්,සාමානයෙන් එකට වන්දි ගෙවනවා..එත් කාගේ වත්තටද මේකා දඩයමේ ගියේ ????
Who Killed Palomino Molero? : Mario Vargas Llosa
නිර්නාමික ඝාතකයා පරිවර්තනය:ඉන්දික ගුණවර්ධන
විදර්ශන පොතක්
මිල 320/=
0 comments:
Post a Comment