එක හුස්මට බොහොම ආසවෙන් කියවල ඉවර කරපු පොතක්...
ලොව පුරා පාඨකයන් ගේ ඉමහත් ප්රසාදය දින ගනිමින් රටවල් 35 ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl With A Pearl Earring , දහහත් වන සියවස මැද භාගයේ ,නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්ර්ණමය යුගයේ විසු ලෝක ප්රසිද්ද චිත්ර ශිල්පී යෝහැන්නස් වරමිර් ගේ ( 1632 - 1675 ) චරිතය ඇසුරු කර ගෙන ලියවුනු අතිශය මනරම් වුත් ගුප්ත වුත් විටක දරාගත නොහැකි තරම් අනුවෙදීනය වුත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්රබන්ද කතාවකි.වරමිර් විසින් නිර්මාණය කරන ලද මාහැගි සිතුවම් අතර ඇති මුතු කරබුවක් පැලදී නිර්නාමික යුවතිය ගේ සිතුවම මෙමෙ නවකතාවට පාදක වෙයි..
සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන් ගේ පවුලට තිබු එක ම අදායම් මාර්ගය අහිමිවීම නිසා දහසය හැවිරිදි " ග්රිටිට " වරමිර් ගේ නිවසේ සේවයට යන්නට සිදු වෙයි.කලාත්මක ඇසක් හිමි ග්රිටි අහම්බෙන් ඔහුගේ අත් උදව් කාරිය බවට පත් වෙන අතර ඇය වර්ණ සහ ආලෝකය පිරිණු වරමිර් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි..
ට්රැසි ෂවලියර් ( Tracy Chevalier ) විසින් ලියන ලද,අතිශයින් ජනප්රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එනමින් ම නිර්මාණය වූ චිත්රපටිය ද ඉමහත් පාඨක සම්මානයට පාත්ර විය.
0 comments:
Post a Comment