මායාවාස

Author: Asith /

මායාවාස කියන්නේ මම කියවල තියන ලස්සනම පරිවර්තන කෘතිය කියල කියන්න පුළුවන්...මේ පොත ලියල තියෙන්නේ ඉසබෙල් අයියන්දේ ( Isabel Allende ) කියන ස්පාඤ්ඤ බසින් ලියන පීරු හී උපන් ලේඛිකාවක්..ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් ඝාතනය කරන ලද ,ඡන්දයෙන් බලයට පත් ලෝකයේ ප්‍රථම සමාජවාදියා වූ චිලී රටේ බලය හෙබ වූ සෙල්වදෝර් අයියන්දේ ඇගේ මාමාය..හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් ඒකාධ්පති පිනෝචේ ගේ මිනීමරු ජුන්ටාවෙන් දිවි ගලවාගෙන චිලි රටෙන් පැනගිය ඈ කලක් සිය සැමියා සහ දරු දෙදෙනා සමග වෙනිසුවෙලාවේ කරකාස් නුවර ජීවත් වුවාය..අද ඈ ඇමෙරිකානු පුරවැසියකි..´♥`

පරම්පරා හතරක් තිස්සේ දිවෙන මේ උත්කෘෂ්ට පවුල් වෘතාන්තය නැවත කිසිවෙකු අතින් ලියවෙතැයි සිතිය නොහැකි ආකාරයේ සාරවත් නවකතාවකි..සදා මතකයේ රැදෙන බෙහෙවින් අසාමානය සිද්ධි වලින් ගහන සජීවී ගැහැණු පිරිමි සමග මායා බලවේග එකට පෙළ ගැසී එය අලංකාරවත් කරයි..වංශවතෙකු හා දේශපාලනඥයෙකු වූ සෙවෙරෝ දෙල් වාල්, දරුවන් 15 දෙනෙක් බිහිකර සිටින සිටින ඔහුගේ බිරිද නිවියා, දේශ සංචාරකයෙකු හා වික්‍රරමාන්විත ක්‍රියාවන්හි නිරතවන මාර්කෝස් මාමා, රුපශියෙන් දුටුවන් වාසගකරණ නිවියාගේ වැඩිමහල් දියණිය රෝසා, පලිගු බෝල, කාර්ඩ් කුට්ටම්, සිහින වලින් අනාගතය පවසන බාල දියණිය ක්ලේරා, අශ්වයෙක් තරමට වැඩුණු ඇයගේ සුරතල් සුනඛයා බරබාස්, ක්ලේරාගේ ධනවත් සෙල්ලාකාර සැමියා එස්තබාන්,මහත් වූ සෙනෙහසින් දරුවන් රැක බලා ගන්නා එස්තබාන්ගේ සොයුරිය ෆෙරුලා, පියාගේ යටත් සේවකයෙකුගේ කොලුවෙකු  සමග ගංගා අසබඩ පෙම් කෙලින ක්ලේරාගේ දියණිය බ්ලන්කා, ඇයගේ දියණියට වාසගමක් සැපයීම වෙනුවෙන් සැහෙන දෑවැද්දකට හා පරවේණි උරුමයකට හිමිකම් කී ප්‍රංශ සිටුවරයා, සකල ලලිත සාරයේ අසම සම නිරුපණය බදු වූ අමන්දාට පෙම් කරන නිවුන් සොයුරෝ, බ්ලන්කාගේ දියණිය ඇල්බා වැනි චරිත මා මේ කෘතියට ආලයෙන් බැද තැබීමට සමත් විය..´♥`

නුතන ලෝක සාහිතයේ විශිෂ්ට කෘති අතර ප්‍රමුඛත්වයේ ලා සැලකෙන "මායාවාස" අද වන විට ලෝකයේ භාෂා 37 කට පරිවර්තනය වී ඇති අතර 1993 දී චිත්‍රපටියකටද නැගුණි..ත්‍රාසය කුතුහලය හාස්‍යය ආදරය ලිංගිකත්වය මේ  සියල්ල මුසු කළ මේ අපුරු කතාව ගාමිණී වියන්ගොඩ මහතාගේ තවත් විශිෂ්ට පරිවර්තනයකි..´♥`

මායාවාස - ගාමිණී වියන්ගොඩ
මිල රු 850/-
පිටු 615
සංහිද ප්‍රකාශනයක්



0 comments:

Post a Comment