මීට සියවස් එකහමාරකට පමණ පෙර චාල්ස් ඩිකන්ස් මේ කුඩා නවකතාව රචනා කලේ නත්තල් කාලය තුල මිනිසුන්ගේ දයාව, කරුණාව ,සාමය ,හොද හිත ආදී උතුම් ගුණාංග ඇති කොට මිනිසුන් හේ සිත් දානය කෙරෙහි යොමු කරවීම පිණිසය..දානය හැම ආගමක් විසින්ම උතුම් කොට සලකනු ලබන පින්කමකි..නත්තල් ගීතයෙන් අපට දක්නට ලැබෙන්නේ " එබෙනිසා ස්ක්රූජ් " නමැති මසුරු ජීවිතයක් ගතකල ධනපතියෙක් නත්තල් දිනට පෙර දින රෑ පැමිණි අවතාර තුනක් විසින් පෙන්නා දෙන ලද තම මසුරු ජීවිතයේ යථාර්තය සියැසින් දැක එක රැයෙන් ඒ මසුරුමල නසා දානපතියෙක් වීමේ කතාවයි..මේ හා සමාන කතාවක් ජාතක කතාවල එන "මච්ජරිය කෝසිය" සිටාණන්ගේ කතාවෙහි දක්නට ලැබෙයි..එබෙනිසා ස්ක්රූජ් වඩා මසුරෙකු වු මච්ජරිය කෝසිය සිටාණන් තණ පතක තෙල් ගා එයින් තෙල් බිදුවක් අනුන්ට දෙනවා තබා ඔහුත් අනුභව නොකරන තරමේ මසුරෙකි..බුදුන් වහන්සේ ඔහුවෙත මුගලන් මහ තෙරණුන් වහන්සේ යවා ඔහු දෙවුරම් වෙහෙරට කැදවා ඔහුගේ මසුරුමල නසා සෝවාන් ඵලයේ පිහිටුවා වදාළ සේක..
මච්ජරිය කෝසිය සිටාණන් ගේ කතාව චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතයට වඩා අවුරුදු දෙදහස් පන්සියයක් පමණ පැරණිය..ජාතක කතා බුදුන් දවස උතුරු දඹදිව සමාජය හා ජන ජීවිතය පසුබිම් කොට රචිත කතා වන අතර නත්තල් ගීතය 19 වන සියවස මැද භාගයේ එංගලන්ත සමාජය හා ජනජීවිතය පසුබිම් කොට රචිත නවකතාවකි..අවුරුදු දෙදහස් පන්සියයක් පමණ දීර්ඝ කාලයකින් වෙන්වූ මේ කතා දෙක ශිල්ප ධර්ම කතා ශෛලිය රීතිය ආදී විශයෙන් වෙනස් වුවද සංකල්පයෙන් ජීවිතය පිළිබද යථාර්තයෙන් හා අත්භූත රසයෙන් සමාන වෙයි..ජේෂ්ඨ පරිවර්තක සිරිල් සී. පෙරේරා මැතිදුන් විසින් පරිවර්තිත මේ අපුරු කුඩා නවකතාව මනුෂ්‍යන් තුල ස්වකීය වර්ගයා කෙරෙහි දයාව,කරුණාව වර්ධනය කිරීමට අනුබල දෙන උසස් ආකාරයේ නිර්මාණයකි..
"" අවතාරයක් වැනි මේ කුඩා පොතින් මම අවතාරයක් වැනි අදහසක් මතු කිරීමට වැයම් කරමි..මෙමෙ අදහස නිසා පාඨකයන් තම තමන් සමග හෝ එකිනෙකා සමග හෝ නත්තල් කාලය සමග හෝ ම සමග හෝ අමනාප නොවෙනු ඇතැයි මම විශ්වාස කරමි..
මෙමෙ අදහස ඔවුන්ගේ නිවෙස්වල ඉතා ප්‍රසන්න ලෙස හොල්මන් කරත්වා..එසේම මෙමෙ හොල්මන අල්ලා නතර කර ගැනීමට කිසිවෙක් අදහස් නොකරත්වා..
- මීට අවංක හිතමිත්‍ර හා සේවක චාල්ස් ඩිකන්ස් ""
නත්තල් ගීතය - චාල්ස් ඩිකන්ස් ( A Christmas Carol - Charles Dickens )
1 comments:
මේ පොත ගන්න පුළුවන් තැනක් තියෙනවද
Post a Comment