මැණිකක් සොරාගෙන පළායන සහෝදරයන් තුන්දෙනෙක් වටා ගෙතුණු කුඩා නවකතාවකි " නීලෝදකය ".මේකේ මුල් පොත ක්රිස්ටෝපර් රෙන් කියන නවකතා කරුවාගේ "බෝ ජෙස්ට් " කියන නවකතාවලු...එක ටිකක් දිග නවකතාවක් හින්ද ටිකක් සරල කරලා අමුතුවෙන්ම සකස් කරලා නීලෝදකය යනුවෙන් ප්රකාශයට පත් කලේ කියල සිරිල් සී. පෙරේරා මැතිතුමා පොතේ පෙරවදනනින් ප්රකාශ කරනවා..කොහෝම උනත් මේ පොත එක හුස්මට කියවල උපරිම අශ්වාදයක් ලැබුව පොතක් විදිහට හදුන්වන්න පුළුවන්..
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි.."නීලෝදකය" නම් මිල කල නොහැකි වටිනාකමකින් යුත් අගනා මැණිකක් ඉන්දියාවේ සිදුවෙච්චි මහා සටනකින් පස්සේ එංගලන්තයේ ජීවත් වෙන පැට්රිෂියා බ්රාන්ඩන් නැමති ආර්යාවට අයිති වෙනවා...දරුවන් නොමැති පැට්රිෂියා බ්රාන්ඩන් තම සැමියා සමග ජීවත් වෙන්නේ තමන්ගේ මියගිය සහෝදරියගේ පුතුන් තිදෙනා හදා වඩා ගනිමින්...ඉතින් දවසක් එක පාරටම මේ නීලෝදකය කියන අගනා මැණික අතුරුදහන් වෙනවා..ඇත්තටම මේ මැණික අතුරුදහන් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි...පැට්රිෂියා බ්රාන්ඩන් තමන්ගේ දරුවන් මෙන් හදාවඩා ගත් ඒ සහෝදරයන් තුන්දෙනා...මැණිකත් එක්කම ප්රංශයට පලායන ඔවුන් ,විරෝධාර ඉතිහාසයක් තියෙන ප්රංශ විදේශීය හමුදාවට බැදෙනවා...ප්රංශ විදේශීය හමුදාව ගැන පොඩ්ඩක් කිව්වොත් කතාව හොදටම තේරෙනවා...මේ හමුදාව 1831 දී ප්රංශය විසින් පිහිටෙව්වේ තම යටත් විජිත වෙනත් ජාතීන්ගෙන් ආරක්ෂා කරගන්නලු...ප්රංශ ජාතිකයන්ට පමණක් සිමා නොවූණු මේ හමුදාවේ වැඩි හරියක් සේවය කරලා තියෙන්නේ විවිධ රටවලින් නීතියේ ග්රහණයෙන් පලා යන මිනීමරුවන් ,පල් හොරුන් ,අපරාධකරුවන් වගේ කට්ටියලු..මේ කට්ටිය ආසවෙන් මේ හමුදාවට බැදෙන හේතුව තමා අවුරුදු පහක සේවයෙන් පස්සේ මේ අයට ප්රංශ පුරවැසිකම ලැබෙන එක වගේම නීතිය විසින් ඔවුන්ව අතහැර දැමු අය විදිහටද සලකන එක...ඉතින් මේ ප්රංශ විදේශීය හමුදාවට බැදෙන මේ සහෝදරයන් තුන්දෙනා කෙලින්ම යැවෙන්නේ අප්රිකාවට...එතැනින් කාන්තාර ඔස්සේ අරාබියට ලගා වෙන මේ තුන්දෙනා වීර වික්රමාන්විත, ත්රාසජනක සිදුවීම් රාශියකට මුහුණ දෙනවා..අනික මේ හමුදාවේ ඉන්නේත් නාහෙට අහන්නේ නැති කට්ටියනේ...එක හින්ද හමුදාව ඇතුලෙත් කැරළි,රණ්ඩු සරුවල් ,යටිකුට්ටු වැඩ ඉවරයක් නෑ...මේ අතරේ හමුදාවේ අයටත් ආරංචි වෙනවා මේ තුන්දෙනා සන්තකයේ වටිනා කියන මැණිකක් තියනව කියල...ඉතින් මේ මැණික ලබා ගන්න හමුදාව ඇතුලේ ලොකු කුමන්ත්රණයක් සිද්ධ වෙනවා...ඒ කුමන්ත්රණය දියත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී කාන්තාරයේ ඉන්න අරාබින්ගෙන් දරුණු ප්රහාරයකුත් එල්ල වෙනවා...එක කොච්චර දරුණුද කිව්වොත් හමුදා සේනාංකයේ සියලුම දෙනා මියයනවා...හැබැයි අර තුන්දෙනාගෙන් බාලම සහෝදරයා විතරක් ඉතුරු වෙනවා...එයා ඉතුරු වෙන්නේ තුන් සොහුයුරන්ගේ ජීවිතේ වෙනස් කරපු පැට්රිෂියා නැන්දා භීතියට පත් කරපු නීලෝදකය නම් මැණිකත් එක්ක බැදිච්ච ලොකු රහසක් ඉතුරු කරලා...ඒ රහස දැන ගන්නනම් පොත කියවන්නම වෙනවා....
0 comments:
Post a Comment