ගාමිණි වියන්ගොඩ මහත්මයාගේ තවත් හොද පරිවර්තනයක් " ව්යවච්ජේදකයා "
දහසය වැනි සියවසේ ඉතාලියේ විසු වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු,මිත්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දගගෙට වැටෙයි...ඔහු කල වරද වුණේ,ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටොපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමෙරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි...
යුරෝපා පුනුරුද යුගය තුල භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හට ගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි...ගබ්රියෙල් ගර්සියා මාකෙස්ව පහසුවෙන් සිගිගන්වන මේ අපුරු නවකතාව සාරවත් අඩු වැඩියෙන් අනුනයි...ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමග සරදම එහි නොමදව මුසුව තිබේ...
The Anatomist by Federico Andahazi
ව්යවච්ජේදකයා
මිල රු 500/-
සංහිද ප්රකාශනයක්
පිටු 258
0 comments:
Post a Comment