අපරාධය සහ දඬුවම

Author: Asith /

ෆියොදෝර් දොස්තොයෙව්ස්කි නම් රුසියානු මහා සාහිත්‍යධරයාගේ තවත් විශිෂ්ට කෘතියක් කියවීමට ලැබිණ....ඔහු විසින් අවසන් වරට ලියන ලද නවකතාව වූ " කරමසෝ සහෝදරයෝ " කෘතියෙන් පසු මා විසින් කියවන්නට යෙදුන ඔහුගේ දෙවන නවකතාවයි " අපරාධය සහ දඬුවම "

මුදල් ලබා ගැනීම සදහා මුදල් පොළී කරන මැහැල්ලක ඝාතනය කරන රස්කොල්නිකොව් නම් උපාධි අපේක්ෂිත තරුණයා වටා මෙම මහා නවකතාව දිග හැරෙයි....මැහැල්ල ඝාතනයෙන් පසු ඔහු විසින් විදින දරුණු චිත්තසන්තාපය යම් තාක් දුරට හෝ සැනසුමක් ලබන්නේ ඔහු මෙන් දුගී බවෙන් මිරිකී තම ශරීරිය විකුණන සෝන්‍යා නම් ගණිකාවකගෙනි....දුකින් වේදනාවෙන් මිරිකී සිටින මනුෂ්‍ය වර්ගයා වෙත දයානුකම්පාව විදහා දක්වන මෙමෙ කෘතියෙහි වරක රස්කොල්නිකොව් විසින් සෝන්‍යා ඉදිරිපිට දණින් වැටී " මම වදින්නේ ඔබට නොව ඔබේ වේශයෙන් දහ දුක් විදින මනුෂ්‍යාත්මභාවයටයි " යනුවෙන් ද ප්‍රකාශ කරයි....නොයෙක් තරාතිරමේ කළු චරිත වලින් තදබද වී ඇති " අපරාධය සහ දඬුවම " කෘතියට ,මගේ දිවියේ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු කෘතියක් නිසාවෙනි.

අපරාධය සහ දඬුවම
1 වෙළුම - මිල රු 650/-
2 වෙළුම - මිල රු 650/-
ප්‍රකාශණය : කුරුළු පොත්
දැදිගම වී. රුද්රිගු මහතාගේ පරිවර්තනයක්


2 comments:

gaba said...

Hello , just now came across your blog :) good stuff , keep it up !

What is Polymorphism in Java said...

GooGowork

Post a Comment