"ගොවි රජ්ජුරුවෝ " (The King of the Fields)1978 දී සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගය හිමි පෝලන්ත ජාතික අයිසෙක් බුෂෙවිස් සිංගර් ( Isaac Bashevis Singer ) නැමති නවකතා කරුවා 1988 ප්‍රකාශයට පත් කරන ලද කෘතියක්...කවදත් හිතට වදින ලෙස පරිවර්තන කාර්යයේ නියැලෙන මාගේ ප්‍රියතම පරිවර්තක ගාමිණී වියන්ගොඩ මහතාගේ තවත් අපුරු පරිවර්තනයක්...පිටු 272 පුරාවට ගලායන මේ කතාව මානව ශිෂ්ටාචාරයේ අතිශය වැදගත් වුද එමෙන්ම ඛේදනීය වුද ජීවන අරගලයක තියුණු පිළිබිඹූවක්...
කතාන්දරය ඇරබේ -- කවරදා ද ? ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසු ආසන්න වශයෙන් සියවස් තුනක් හෝ හතරකට පසු " පෝලන්තය " නම් වූ දේශය තුල විවිධ දෙවිවරුන් ඇදහු මිත්‍යා දෘෂ්ටික කුඩා ජනාවාස වලින් සමන් විත විය...කෘෂිකර්මය දැන සිටියද එය ප්‍රචලිත නොවීය...පිරිමි දඩයමේ ගියහ...ගැහැණු ගස් මුල් ඉදුරුවෝය...වාරයට බහුලව එන පලවැල නෙලුහ...ජනගහණය වැඩි වෙන විට කැලැ සතුන් මෙන්ම ඇලදොළ වල මසුන් ද හිගවන්නට විය....මේ ජනතාව එක ජාතියක් නොවීය...නිතර එකිනෙකා හා සටන් කරණ ක්රෝල් " නමින් හැදින් වූ රජවරු විසින් මොවුන් පාලනය කරන ලදහ...මේ රජවරු හෙවත් ක්රෝල්වරු දඩයම් ගෝත්‍රිකයන්ට පහර දී ඔවුන් යටපත් කර තම කුඹූරු වල වැඩ කරන්නට ඔවුන්ට බල කලෝය...සොකපාන් නමැති කදුකරයේ ජීවත් වූ කැලා වාසි කුඩා ගෝත්‍රිකයක් වූ ලෙස්නික්වරුන්ට සිදු වුයේ මෙයයි...දිනක් "රතු ක්රෝල්" නමැති රජකෙනෙක් වොයක් නමින් හැදින්වුණු සිය හේවායන්ද සමග පැමිණ ලෙස්නික් තරුණයන් බොහෝ දෙනෙක් මාර දැම්මෝය...දිවි ගලවා ගත්තවුන් ලවා වන පෙත් එළි කොට තමන් ගෙනා තිරිගු බාර්ලි ඕට් සහ රයි බීජ වැපුරුවෝය...කදුකරයට පලාගිය ලෙස්නික්වරුන් ගේ නායකයා " සිබියුලා " නම් විය...රතු ක්රෝල් තම තිරිඟු අස්වැන්නට කම්කරුවන් අවශ්‍ය නිසා ලෙස්නික්වරුන් ගේ නායකයා " සිබියුලා " සමග සමගි සන්ධානයකට එලබෙයි...ඒ සිබියුලාගේ දියණිය රතු ක්රෝල් ට විවාහ කර දීමෙන්...මෙම සිදුවීමත් සමග දඩයම් ජාතියක් වූ ලෙස්නික්වරු ශිෂ්ටාචාර ගත වෙයි...ඉන් පසු සිදු වන්නේ කුමක්ද...?
මෙමෙ කෘතියෙන් මිනිසාගේ අදුරු පැතිකඩයන් මනා ලෙස හසුකර ගන්නා සිංගර් ආගම, ආර්ථිකය, බලය, ලිංගිකත්වය, ප්‍රථමික විශ්වාස හා ඇදහීම් යටත් විජිතකරණයත් සමග වෙනස් වන ආකාරය මැනවින් සිතුවම් කොට ඇත...වරෙක ලොමු දැහැගන්වන වරෙක අනුවේදනීය අවස්ථා හා සිද්ධ් මගින් ගොඩනගා ඇති මේ වෘතාන්තය පාඨකයෙකුට කලාතුරකින් රස විදින්නට ලැබෙන්නා වූ නවතාවෙන් සපිරුණු නවකතාවකි...
""""... සමහර හේවායනට යන්න ඕන කරලා තිබුණේ...උන් තමයි රතු ක්රෝල්ට විරුද්ධ ව නැගිට්ටේ...අපිට වපුරන්න උන් ඉඩදුන්නේ නෑ...ඔක්කොම තිරිගු උදුරාගෙන උං එකෙන් වොඩ්කා පෙරුවා...රතු ක්රෝල්ව මරන්න උං පුළුවන් තරම් බැලුවා...ඒත් කුලැක් සිටුවරයා රතු ක්රෝල්ට පක්ෂපාතියි...ඒ තැනැත්තා තමයි හේවායන්ව මැරුවේ...මේක ආරංචි උන ගමන් කන්දේ හිටපු අපේ ඇත්තන්ට, උං ඇවිල්ලා හේවායන් එක්කලා සටන් කලා...මමයි යගොදයි කැලේට පැනල හැංගුන...නැත්නම් අපිවත් උං මරනවා...උඹ හිටියනම් උඹටත් වෙන්නේ ඒ ටික තමයි..කළුවරේ කවුරු කාව මරනවද කියල හිතා ගන්න බෑ...හිටපු ගමන් වැස්ස ඇවිල්ලා ඔන්න ගං වතුරත් ගැලුවා...ඊට පස්සේ හිම...ඉතින් කොහොමද වපුරන්නේ...හේවායෝ විස්සක් තිහක් විතර තමයි කදවුරේ ඉතුරු වුනේ...උං ඉතින් ආදිපාද පට්ටං ගහගෙන ඔක්කොම ඉඩං ටික අයිති කරගත්තා...අපි උං ගේ වහල්ලු වුණා...පණ බේරගත්ත්තු අපේ පිරිමි එක්කෙනා දෙන්නා දැන් හේවායන් ගේ බහට බයේ කැලැ ගස් කපනවා...එතොකොට තව හේවායන්ට තව වපුරන්ට පුළුවන් නිසා...ඒ විතරක් ද? උන්ට පැල් ගහල දෙන්න උනේ අපිට... """"
0 comments:
Post a Comment