ගරු කොන්සල්තුමා

Author: Asith /

" සියල්ල එකිනෙක තුළ සංයුක්ත වෙයි - අයහපත තුළ යහපත,යුක්තිය තුළ නිර්ලොභිත්වය , දේශපාලනය තුළ ආගම ..."

එදුවාර්දෝ ප්ලාර් ඉංග්රීසි සම්භවයක් ඇති තරුණ වෛදයවරයෙක්...කුඩා කලදීම ඔහු මව සමගින් අර්ජෙන්ටිනාවට පලා එන්නේ ඉංග්රීසි ජාතික පියා දේශපාලන කැරලිකාරයෙක් ලෙස පැරගුවේ රජයේ අත්අඩංගුවේ පසුවෙද්දීය.....ජීවත් වීම සදහා බුවෙනෝස් අයිරේස් නුවරින් දුරබැහැර ඓතිහාසික වටිනාකමකින් යුතු වරාය නගරයක් තෝරා ගන්නා " ප්ලාර් " එකී නගරයේ ජනප්‍රිය වෛදයවරයෙකු ද වෙයි....එහිදී ඔහුගේ මිතුරන් වන්නේ ඉංග්රීසි ජාතික විශ්ව විද්‍යාල ගුරුවරයෙක් සහ බ්‍රිතාන්‍ය නියෝජනය කරන ගරු කොන්සල්වරයා වන වියපත් " චාර්ලි ෆොර්ට්නම් "ය.....අක්කර දහස් ගනනක් හිමි මේ ධනවත් ගරු කොන්සල්තුමා , අව් කන්නාඩි වලට බෙහෙවින් ඇලුම් කරන තරුණ අභිසාරිකාවක් වන " ක්ලේරා" සමග විවාපත් වෙයි.....කලක සිටම ඇය පිලිබදව සිතක් ඇති කරගන සිටි " ප්ලාර් " ඇය සමග සමීප ඇසුරක් පැවැත්වීමට සමත් වෙන්නේ ඇයගේ පුද්ගලික වෛදයවරයා බවට පත්වීමෙනි.....

මේ අතර ප්ලාර් ගේ ළමා කාලයේ මිතුරන් වූ  ස්වෙදේශික කැරළි කරුවන් පිරිසක් ඓතිහාසික වටිනාකමකින් යුත් ඒ වරාය නගරය නැරබීමට පැමිණි සිටි ඇමෙරිකානු තානාපති පැහැර ගැනීමට සැලසුම් කරයි.....සියලුම පැරගුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇමක් ලෙස භාවිතා කරීමට යොදා ගන්නා මේ පැහැර ගැනීම උඩුයටිකුරු වන්නේ අහම්බෙන් එක්සත් ජනපද තානාපති වෙනුවට ගරු කොන්සොවල්තුමා පැහැර ගැනීමත් සමගය.....කොන්සල් චාර්ලි ෆොර්ට්නම් බේරා ගැනීමට මැදිහත් වෙන " ප්ලාර් " සියළු පාර්ශවයන්ගේ සැකයට බදුන් වෙයි.....ඒ ඔහුගේ ගේ පියා දේශපාලන කැරලිකරුවෙකු ලෙස පැරගුවේ රජයේ අත්අඩංගුවේ සිටීමත් ,ෆොර්ට්නම් ගේ බිරිය සමග සම්බන්ධයක් පවත්වන බැවිනුත්ය........ඉතින් මේ ගරු කොන්සල්තුමාට කුමක් සිදුවේවිද....???

බ්‍රිතාන්‍ය ජාතික ග්‍රහැම් ග්‍රින් ( Graham Greene ) විසින් 1973 දී ප්‍රකාශයට පත් කරන ලද මෙමෙ නවකතාව පොත් කියවන සමුහයේ පළවන ප්‍රථම වතාව මෙය වේ.....පාඨක වින්දනයට මුල් තැන දෙමින් දේශපාලනික හා සමාජ විමර්ශනයේ යෙදෙන මේ අපුරු පරිවර්තනය විවිධ සමාජ තලවල විවිධ පුද්ගල චරිත රාශියක් සමග ගලා යයි......කතාව පුරා ගලායන මටසිළුටු භාෂා ශෛලිය මෙන්ම උත්ප්‍රාසය ද මා සිත ගත්තක්....සිංහල පාඨක ප්‍රජාව ලෝක සාහිත්‍යට සංවේදී කරවීමේ විශිෂ්ඨ කර්තව්ව්‍යක නිරත වණ ගාමිණී වියන්ගොඩ මැතිතුමාගේ තවත් රසවත් පරිවර්තනයක්....ගරු කොන්සල්තුමා

The Honorary Consul - Graham Greene
ගරු කොන්සල්තුමා (ග්‍රැහැම් ග්‍රීන්)
පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රථම මුද්‍රණය 2011

0 comments:

Post a Comment