ෂේන්

Author: Asith /

1889 වර්ෂයේ අහම්බෙන් ජෝ ස්ටාරට් ගේ ගොවිපලට සේන්දුවන " රස්තියාදුකාරයෙක් " ස්ටාරට් ඇතුළු මිටියාවතේ පදිංචි ගොවීන් එලවා දැමීමට වලිකන ෆ්ලෙචර් නම් දාමරිකයෙකුට එරිහිව සටන් වදින අපුරු කතාවක්...."ෂේන්"

"" නගරයේ මිනිසුන් එකිනෙකා සමග කතා කරමින් , ෂේන් අතීතයේ එක්තරා කාලයකට අයත් පුද්ගලයෙකු ලෙස අදුන්වා දීමට වැයම් කරන විට, මම තනියෙන් ම නිහඩව සිනාසුනෙමි...ෂේන් ආකන්සාස් සහ ටැක්සාස් ජනපදවල සුදුඅන්තුවෙකු හා වෙඩිකාරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටි ෂොහෝන් නැමති පුද්ගලයා බවත් ,ඔහු කිසිම හේතුවක් නැති ව කිසිවෙකුට නො දන්වා, පිටවී ගිය බවත්,  කො තැන ගියේ දැයි නො දන්නා බවත්, පැවසු අපේ නගරයට පැමිණි ආගන්තුකයකු  ගේ කතාව ටික කලක් යන තෙක් නගර වැසියෝ විශ්වාස කළහ...ඒ කතාව අමතක වන විට මිටියාවත තුලින් ඉබාගාතේ යන මගීන් ගෙන් අසා දැන ගත් නොයෙකුත් තොරතුරු එක් තැන් කොට හදා ගත් වෙනත් කතාවක් පැතිරෙයි...ඔවුන් මෙ  වැනි කතා ගොතා කියන විට මා තනියෙන් සිනාසුනේ මේ කතා වලින් පැවසෙන තැනැත්තා ෂේන් නොවන බව මා දන්නා නිසයි...

අපේ රටේ බටහිර පෙදෙසේ සිට , අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණියේ ය...තමා සතු යුතුකම් ඉටු කළ හෙතම ආපසු පැමිණි දිසාවට ම ගියේය...ඒ මිනිහා ෂේන් ය....""


0 comments:

Post a Comment