හේ සිද්ධාර්ථ නම් වෙයි

Author: Asith /

සති අන්තයේ කියවූ හොද පොතක්.." හේ සිද්ධාර්ථ නම් වෙයි "
කෝ. ආනන්ද හිමියන් විසින් රචිත මේ හරවත් කෘතිය සමස්ත සමාජය ම සුවපත් කිරීමේ උත්තුංග සිතුවිල්ලෙන් ක්‍රියා කරන "සිද්ධාර්ථ" නම් භික්ෂුවගේ චරිතය වටා ගෙතුනකි...ජයසේන ජයකොඩි මහතාගේ පිච්ච මල නවකතා මාලාවේ එන රාහුල හාමුදුරුවන් නිතැතින්ම සිහි ගන්වන මෙම නවකතාවේ තේමාව වී ඇත්තේ ගුරුවරයා තම ගෝලයා දෙස පුත්‍ර ස්නේහයෙන් බැලිය යුතු බවටත් ගෝලයා ගුරුවරයා දෙස පිතෘ ස්නේහයෙන් බැලිය යුතු බවටත් දක්වා ඇති බුද්ධ වචනයයි...ගැමි පරිසරයත් ගැමි චරිත ස්වභාවයත් සජීවී ලෙස ඉදිරිපත් කර ඇති ආකාරය මෙන්ම කෘතියෙ එන රමණීය බස් වහර ද මා සිත් පැහැර ගැනීමට සමත් විය....


0 comments:

Post a Comment