රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් 1836 වර්ෂයේදී ප්රකාශයට පත් කරන ලද " කපිතන්ගේ දියැණියෝ (The Captain's Daughter ) " ඔහුගේ විශිෂ්ඨතම කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ...මෙම නවකතාව 1773 -1775 වර්ෂවල රුසියාවේ " එමෙල්යාන් පුගචෙව් " නම් ජනතාවාදී නායකයා දකුණු දිග රුසියාවේ ග්රාමීය ප්රදේශ වල ඇතිකරන ලද කැරලි මැඩපැවැත්වීමට යන " ප්යෝතර් අන්ද්රේවිච් " නම් තරුණ නිලධාරියා සහ බලකොටු ප්රධානි කපිතන්ගේ දියණිය " මාරියා ඉවනොවේනා " අතර ඇතිවන පෙම් පලහිලව්ව වස්තුකොටගත් රසවත් ඓතිහාසික නවකතාවකි.
" දෙවියන්ගේ නාමෙට මාරියා ඉවනොවේනා කොහිද? " මා ඇසුවේ විස්තර නොකලැකි කැලඹීමකිනි...
" ඒ ළමය මගේ ඇද මත වැතිර ඉන්නවා...තිර රෙද්දට එහා."
පුජක බිරිද පිළිතුරු දුන්නාය..." අනේ ප්යෝතර් අන්ද්රේවිච් තව පොඩ්ඩෙන් මහා විනාශයකට පත්වෙනවා...දේව කරුණාව නිසා එය මග හැරුනා...නපුරා කෑම මේසයට වාඩි වුණා විතරයි...ඒ ගෑනු ළමයා නින්දෙන් අවදි වෙලා කෙදිරි ගෑවා!...මම අඩපණ වුණා...පුගචෙව්ට ඒ හඩ ඇසුණා..."නුඹලෑ ගෙදර කවුද කෙදිරි ගාන්නේ නාකි ගෑණියේ ?... ඔහු ප්රශ්න කලා...මම උඩුකය නාවලා ආචාර කරලා " රජතුමනි ඒ මගේ ලේලි...දැන් ලෙඩ වෙලා සුමානෙකටත් වැඩියි..." කියා කිව්වා..." නුබේ ලෙලි තරුණද ?" තරුණය රජතුමනි! " " එහෙනම් නාකි ගෑනියේ ,මට නුබේ ලේලිව පෙන්නාපන්! " මගේ හදවත නැවතුනා වගේ දැනුණා...නමුත් කරන්න දෙයක් නෑ..." රජතුමනි අවසර? ඈට නැගිටලා එන්න බෑ...." " නාකි ගැනියේ එකට කමක් නැහැ මට ගිහිල්ලා බලන්න පුළුවනි " ඒ ශාපලත් මිනිහා නැගිටලා තිරය මෑත් කරලා ඔහුගේ උකුසු ඇස දෙකින් ඇය දෙස බැලුවා නෙව...එපමණයි...දේව කරුණාව...ඔබ විශ්වාස කරන්ට මායි මගේ පුජකතුමයි වද විදලා මරණයට කැප වීමට සුදානම් වෙලා සිටිය...වාසනාවකට වගේ මේ සුන්දර ගෑනු ළමයා ඒ මිනිහාව ඇදුනා ගත්තේ නෑ...සර්වබලධාරී දෙවියනි අප කොතරම් භයානක දේ දුටුවාද...අසරණ ඉවාන් කුස්මිච් ! ඔහොම වෙයි කියලා සිතුවේ කවුද ? වසිලීසා යෙගෝරව්නාට වුණ දේ ? ඉවාන් ඉග්නාතිච්ට වුණ දේ ? එයාව එල්ලලා දැම්මේ මොකටද ? ඔවුන් ඔබට සමාව දුන්නේ මොනවා නිසාද ? ඇලෙක්සෙයි ඉවනිච් ෂ්වාබ්රින්ගේ හැටි බලන්න ! ඔහු හිසකෙස් කොසක් තාලෙට කපාලා...දැන් ඔහු අපේ ගෙදරට ඇවිත් ඒ ගොල්ලෝ එක්ක එකට වාඩිවෙලා කා බී ප්රීති වෙනවා...සැබෑ කෛරාටිකයා...ආයෙත් කියන්න දෙයක් නෑ ...මම කපිතන්ගේ දියණිය මගේ ලේලි හැටියට හදුන්වා දුන් විගස ෂ්වාබ්රින් මා දිහා බැලුවා බැල්මක්...ඒක මාව විනිවිද යන බැල්මක්...නමුත් ඔහු ඇයව පවා දුන්නේ නෑ...ඔහුට ඒ ගැන මම කෘතඥ වෙනවා.. """"
( පිටුව 112 )

කපිතන්ගේ දියැණියෝ
අනුවාදය : දැදිගම .වී. රැද්රිගු මහතා
ප්රකාශනය : කුරුළු පොත්
මිල : රු 300/-
පිටු : 211
0 comments:
Post a Comment