මම කියවල තියන හොදම පරිවර්තන කෘතිය කියල කිව්වොත් නිවැරදියි..කතාව ගලා යන්නේ අමානුෂික පුද්ගල ඝාතනයක් ගැන..ඝාතනය වෙන්නේ " සන්තියාගෝ නසාර් " කියන අහිංසක තරුණයෙක්ව..ඝාතනය වෙන්න හේතුව තමයි තරුණියක් තම විවාහ රාත්රියේදී කන්යාවියක් නොවන බව සැලවීමෙන් දැඩි කෝපයට පත් ඇයගේ නිවුන් සොයුරන්ගෙන් බේරීමට එයට වගකිව යුත්තා ලෙස මෙම සිද්ධියට කිසිදු සම්භන්දයක් නොමැති අහිංසක "සන්තියාගෝ නසාර්" ව නම් කිරීම..ඉතින් තමන්ගේ නංගිට වෙච්ච අවනඩුවට පලිය ගන්න තමා මේ නිවුන් සොයුරන් සන්තියාගෝ නසාර් ව ඝාතනය කරන්නේ..නසාර් ව ඝාතනය කරන්න කලින් නිවුන් සොයුරන් හැම තැනම ප්රචාරයක් යවනවා මේ දවසේ , මේ වෙලාවට සන්තියාගෝ නසාර්ව ඝාතනය කරනවා කියලා..නසාර් විතරක් නෙවෙයි නසාර් ගේ මව ,නගරයේ පුජකයා , නගරයේ වැසියන් කිසිවෙක් මේ ප්රචාරය තබේකට මායිම් කරන්නේ නෑ..හැබැයි නියම දවසේ නියම වෙලාවට නසාර්ව දෙනෝ දාහක් ඉස්සරහා ඉතා අමානුෂික ආකාරයට ඝාතනය වෙනවා..ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් නම් ලෝක පුජිත නවකතා කරුවාගේ යථාර්ථවාදී ශෛයිලියයි ගාමිණි වියන්ගොඩ මහතාගේ විශිෂ්ඨ පරිවර්තන හැකියාවයි හින්ද මේ කතාව සැහෙන්න ඇගට දැනෙනවා..කියවල ඉවර වෙලා සති දෙකක් තුනක් යනකම් ජීවිතෙත් එක්ක එපා වෙලා හිටියේ..කතාව ඒ තරමටම " කරුමක්කාරයි ". ඒක හින්ද වෙන්නේ ඇති පොත කියවල අවුරුදු 2 ක් විතර ගියත් කතාව අද කියෙව්වා වගේ මතක තියෙන්නේ....
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ඇත්තටම සුපිරිකතාවක් මේක
පට්ටම ත්රිලර් එක්ස්පිරියන්ස් එකක් එන්නෙ
Post a Comment