" ෂෝෂා "... එය අපූරු ආදර කතාවක්.....
වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක
වෙසෙන අතරේ "ආරොන්", සම්ප්‍රදායික අතීතයක් සහ අස්තිර අනාගතයක් අතර කල්
ගෙවයි...විවිධ ගැහැණු ඔහුට විවිධ දොරටු විවර කරති...විශේෂයෙන් හිට්ලර්ගේ
අළුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලා යාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛය...එහෙත්
ළමාවියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද?... ඔහුගේ මිතුරු
මිතුරියන්ට ඇයත්, ඇගේ ආලයත් අති ඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං
කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය...
අයිසෙක් බුෂෙවිස් සිංගර් 1978 දී සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේ ය..!
අයිසෙක් බුෂෙවිස් සිංගර් 1978 දී සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේ ය..!
0 comments:
Post a Comment