ලෝක ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සනිටුහන් කළා වූ සිදුවීමක් වශයෙන් දෙවැනි ලෝක සංග්‍රාමය ද ඒ හා බැදුණු දස ලක්ෂ සංඛ්‍යාත ජන සංහාරයන්ද සැළකිය හැකි වන්නේය.ජර්මනියේ මිනීමරු නට්සිවාදීන්ගේ ඝාතක බලඇණිය වන එස්.එස් සේනාංකය විසින් පෝලන්තයේ පවත්වාගෙන ගිය කුප්‍රකට ඝාතක කදවුරක් පිළිබද කියැවෙන සංවේදී කතාන්තරයයි....අවුෂ්විට්ස් ඝාතක කදවුර
නට්සිවාදීන්ගේ " අවසාන විසදුම " නිර්මාණය කිරීමේ ලා ඇඩොල්ෆ් හිට්ලර් තීරණාත්මක බූමිකාවක් රගපැවේය.ඔහුගේ අවසාන විනිශ්චය වුයේ ලෝකයේ ජනතාව ආර්ය (උසස්) සහ අනාර්ය (පහත්) වශයෙන් දෙවර්ගයකට බෙදෙන බවයි.මුළු ලෝකයම කෙසේ වෙතත් අඩු වශයෙන් යුරෝපයවත් අනාර්ය ජනතාවගෙන් නිදහස් කරගත යුතු බව ඔහු ඇදහීය. යුරෝපීය සමාජ ක්‍රමය තුල අනාර්යයන් වශයෙන් වැඩි වශයෙන්ම සැළකුණේ යුදෙව්වන්ය. ආර්යයන්ගේ යුරෝපයක් බිහිකිරීමේ සිහිනය දුටු හිට්ලර් සහ ඔහුගේ ගෝලයන් ඒ සදහා අවසන් විසදුමක් යෝජනා කොට එම සැළැස්ම ක්‍රියාවට නැංවීය..
ආක්රරමණකාරී ජර්මානු හමුදා විසින් යටත් කර ගන්න ලද පෝලන්තය ප්‍රංශය වැනි විදේශ රටවල ප්‍රථම කටයුත්ත වුයේ යුදෙව් ජාතික සිවිල් පුර වැසියන් වට කර විශේෂයෙන් පිහිටුවන ලද වධකාගාර සහ කදවුරු වලට ගාල් කිරීමයි.මුල් කාලයේදී එසේ අල්ලගන්නා ලද යුදෙව්වන් වැන් හා ට්‍රක් රථ වලට පොදි ගස්වා මාරාන්තික ගෑස් (කාබන්ඩයෝක්සයිඩ් වායුව) ගසා ඝාතනය කරන ලදී.මෙමෙ ක්‍රමය අකාර්යක්ෂම වුවා පමණක් නොව ඇතැම් අවස්ථාවලදී අනවශය ප්රසිද්ධියකට පත්වීමට ද හේතු විය.ඒ නිසා මිට වඩා කාර්යක්ෂම වුත් රහස්‍ය වුත් කිසියම් ක්රමයක අවශ්‍යතාවය මතු විය.1942 ජනවාරි මස බර්ලිනයේ රැස් වූ නට්සි හමුදා නිලදාරී හමුවකදී තීරණය කර ගත පරිදි යටත් වූ යුරෝපා රටවල යුදෙව්වන් ගාල් කොට නැගෙනහිරට ගෙන ගොස් " අවසාන විසදුම " ක්‍රියාවට නංවන ලදී .පෝලන්තයේ කුප්‍රකට " අවුෂ්විට්ස් "ඝාතක කදවුර බිහි වුනේ එහි ප්‍රතිපලයක් ලෙසයි..
1945 වසරේ දෙවන ලෝක යුධය අවසාන වන විට ගැහැණු පිරිමි සහ ළමුන් ද ඇතුළුව යුදෙව් ජාතික පුරවැසියන් එකොලොස් ලක්ෂයකට අධික පිරිසක් අවුෂ්විට්ස් හි ගෑස් කාමර (මෙහිදී යොදාගනු ලැබුවේ සයික්ලෝන් බ් වායුවයි)හා වධකාගාර වල සමුල ඝාතනය වී තිබිණ..මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුශ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක් ලෙස හැදින්විය හැකි මෙමෙ කෘතිය මෙකි සංහාරය තුල සිදුවූ සිද්ධීන් පිලිබදව කෙරෙන ඵෛතිහාසික විග්රහයකි.
AUSCHWITZ : THE NAZIS & THE “FINAL SOLUTION” - Laurence Rees
අවුෂ්විට්ස් ඝාතක කදවුර, නාසිවාදීන් සහ ”අවසාන විසදුම” - ලෝරන්ස් රීස්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ
රාවය ප්රකාශනයකි.
මිළ රු. 750
පිටු 433

1 comments:
apata sahithya awashyay me sahitya newei jeewithaya ow !me mehewara wedagath.sahithya gindarak ! awluwamu lokaye kuhakakam!
Post a Comment