දකුණූ මායිමේ

Author: Asith /

" කෆ්කා මුහුදු වෙරළේ " න් පස්සේ හරුකි මුරකාමි කියන ජපන් ජාතික ලේඛකයාගේ පොත් සොයා ගිය මට හමු වුණා තවත් සාර්ථක පරිවර්තනයක්..South of the Border, West of the Sun කියන මුරකාමිගේ පොතේ සිංහල පරිවර්තනය " දකුණූ මායිමේ "..පරිවර්තනය කරලා තියෙන්නේ ඉන්දික ගුණවර්ධන..නිර්නාමික ඝාතකයාගෙන් පස්සේ මම කියවන ඔහුගේ දෙවැනි පොත..කතාව ගැන හැදින්වීමක් පොතේ පසු පිටේ අපුරුවට කරලා තියන හින්ද එක මම උපුටා ගත්තා...රසවත් පරිවර්තනයක්..

ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේ දී උපත ලබන " හජීමේ " ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි - නම් චරිතය වටා ගෙතී ඇති South of the Border, West of the Sun නවකතාව ඔහුගේ උපතේ සිට මැදිවිය දක්වා ගලා යන අතිශය දාර්ශනික ගැඹුරකින් ජීවිතය දෙස බැලුම් හෙළන නවකතාවකි..පසු යුධ සමය විසින් ඔහුට සාර්ථක විවාහයක්, දියණියන් දෙදෙනෙක් සහ සාර්ථක ව්‍යාපාරයක් හිමි කර දී තිබේ..ඒ නමුත් තම සාර්ථකත්වය පිළිබද ව ඇති යම් ව්‍යාජත්වයක් පිළිබඳ විවේචනාත්මක හැගීමක් ඔහුගේ සන්තෝෂයට බාධාවක් බවට පත් වෙයි..එසේ ම ඔහුගේ ළමාවියේ සිටි ෂිමමොටෝ නම් බුද්ධිමත් , හුදකලා දැරිය ඔහුගේ හදවතේ වලා පටලයක් මෙන් සැරිසරයි..මැදිවියේ යළිත් හමුවන , අහිමි වූ ළමාවියේ ප්‍රේමයත් , ඔහුගේ පවුල් සංස්ථාවත් අතර දෝලනය වන හජීමේගේ චරිතය විටක රිදවමින්, විටක හඩවමින් ජීවිතය පිළිබධව අලුතින් සිතා බලන්නට පාඨකයාව පොළඹාවාලයි..
- South of the Border, West of the Sun - Haruki Murakami (1992 )
- දකුණූ මායිමේ
- පරිවර්තනය : ඉන්දික ගුණවර්ධන

0 comments:

Post a Comment