කෆ්කා මුහුදු වෙරළේ

Author: Asith /

ගාමිණී වියන්ගොඩ මැතිතුමාගේ විශිෂ්ඨ ගණයේ පරිවර්තනයක් කියවන්න ලැබුණා..එකේ නම තමා කෆ්කා මුහුදු වෙරළේ .බැලු බැල්මට ටිකක් අමුතු ආකාරයේ ලොකු පොතක්..ඔව්..ඒක අමුතුයි තමා..සාමාන්‍යයෙන් කියවන්න නොලැබෙන ආකාරයේ අමුතුම කතාවක්..

මේ පොත ලියල තියෙන්නේ "හරුකි මුරකාමි ( Haruki Murakami )" කියන ජපන් ජාතික ලේඛකයා..1949 ජනවාරි 12 වනදා ජපානයේ කියෝතෝ හි උපත ලබන මුරකාමි දැනට ජීවත් වෙන්නේ තෝකියෝ නුවර..මිනිසුන්ගේ හුදෙකලාව සහ දුරස්ථ භාවය ස්වකීය නිර්මාණ හරහා උත්කර්ෂයට නංවන මුරකාමි , 2006 වසරේදී ෆෑන්ස් කෆ්කා සම්මානයෙන් ද, 2009 වසරේදී ජෙරුසෙලම් සම්මානයෙන් ද පිදුම් ලබමින් ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇත..ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ ඉහළ පිළිගැනීමට ලක්ව සිටින හරුකි මුරකාමි බොහෝ විචාරකයන් නම් කරන්නේ වර්තමාන නවකතා කරුවන් අතර වඩාත්ම නුතන ලක්ෂණ පෙන්නුම් කරන නවකතා කරුවා ලෙසය..

පිටු 715 ක් පුරාවට ගලා යන කෆ්කා මුහුදු වෙරළේ කෘතියෙන් දිග හැරෙන්නේ අපුර්ව චරිත දෙකක අසාමාන්‍ය කතාන්දරයයි..තම පියාගේ අනිටු අනාවැකියක බියකරු සෙවනැල්ල මැද " කෆ්කා තමුරා " වයස අවුරුදු 15 දී ගෙදරින් පලා යයි..ළමා වියේ ඇතිවූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු " නකතා "සිය සරල දිවිය හිටිහැටියේ උඩු යටිකුරු කරගනී..මොවුන් දෙදෙනාගේ සමගාමී ත්‍රාසජනක දිගු ගමන තවත් විශේෂ චරිත සහ සිදුවීම්වලින් සරු වන හැටි අපුරු ය..පික්නික් ගිය සිසුන් 16 දෙනා සිහිමුර්ජා වූ බත් පාත්තර කන්දේ සිද්ධිය,බළලුන් සමග කතා කරන ඒත් අකුරු ලියන්න නොදන්නා නකතා,පැය 30-40 එක දිගට නිදාගන්නා නකතා,අහසින් මාළු,කුඩැල්ලන් වැසි වස්සන නකතා,නිවසින් පලා යන කෆ්කාට උදව්වට එන නිර්ලිංගික ඔෂිමා,කෆ්කාගේ නවාතැන නකමුරා පුස්ථකාලය,පුස්ථාකාලයේ අධිපතිනිය මිස් සෙයිකි,සුප්‍රකට බළල් ඝාතක ජොනී වෝකර්(whiskey),නකතාගේ ගමනට සහය වන ට්‍රක්‌ ඩ්‍රයිවර් හොෂිනෝ,පිවිසුම් ගල සොයාගැනීමට හොෂිනෝට උදව්වට එන කර්නල් සැන්ඩර්ස් (KFC),බුද්ධිමත් සියම් බැළලිය "මමී",දෙවන ලෝක යුද්ධයේ සිට වයසට නොගිය හේවායන් දෙදෙනෙක් ඒ සියල්ල අතරේ දාමරික මිනිස් ඝාතනයක් - එහෙත් මිනීමරුවා සේම ඔහුගේ බිල්ලත්,නොවිසදුන ප්‍රහේළිකාවක්....

ආදරය,ත්‍රාසය,කුතුහලය,අධිමානසිකත්වය,අපරාධ,ලිංගිකත්වය,සංගීතය,අද්භුත සිද්ධීන්,දර්ශනවාදය,ඉතිහාසය යන සියල්ල කැටි වු ජීවන ගවේෂණ චාරිකාවක් වන කෆ්කා මුහුදු වෙරළේ විශාරද නිර්මාණකරුවෙකුගේ අතිශුර පරිකල්පන චාරිකාවකැයි කීම අතීශයෝක්තියක් නොවේ..

Kafka on the Shore - Haruki Murakami ( 2002 )
පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
සංහිද ප්‍රකාශණයක්

0 comments:

Post a Comment