විප්ලවය මගේ තක්සලාව

Author: Asith /

වයස අවුරුදු 16 දී රෙජිමේන්තුවක අණදෙන නිලධාරියකු ලෙස වගකීම දරන යෞවනයෙකු සිය 37 වැනි වියේදී නාසිවාදයට එරෙහි සටන්බිමේදී දිවිපුදන විට ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වූ සාහිත්‍යධරයෙකු ලෙස කීර්තිය දිනා සිටියේ නම් ඔහු සිය කෙටි ජීවිත කාලයද පුර්ණ අර්ථවත් බවකින් යුතුව ගෙවී යැයි නිගමනය කිරීම අසාධාරණය නොවේ..එහෙත් එවන් අසීරු අභියෝග ජයගන්නා මිනිස්සුද ලොව සිටිති...අර්කාදි ගයිදාර් (Arkady Gaidar) එවැන්නෙකි..
1904 ජනවාරි මස උපත ලද අර්කාදි ගයිදාර් සැලකෙන්නේ සෝවියට් ළමා සාහිත්‍ය ගොඩනැගීමේලා පුරෝගාමී මෙහෙවරක් කළ නිර්මාණකරුවෙකු ලෙසිනි..තම කෘති අතර වැඩිම ප්‍රසිද්ධියට පත් " විප්ලවය මගේ තක්සලාව ( The School ) " ඔහු විසින් රචනා කරන ලද්දේ 1930 වර්ෂයේදීය..1917 සිදුවූ බෝල්ෂෙවික් විප්ලවය හා ඇරඹුනු ප්‍රතිවිප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලලා රචිත මේ නවකතාව අවසාන මොහොත දක්වාම සමාජවාදය වෙනුවෙන් අප්‍රිතිහත ධෛර්යෙන් සටන් වැදි විප්ලවවාදියෙකුගේ බිහිවීම පිළිබද කතාවකි..විප්ලවයට ආදරය කරන චරිත සුලභව දක්නට ලැබෙන මෙය ඔහුගේ අර්ධ - චරිතාපදානමය නවකතාව ලෙසින්ද හැදින් වෙයි..
The School - විප්ලවය මගේ තක්සලාව
Arkady Gaidar - අර්කාදි ගයිදාර්
පරිවර්තනය : චුලානන්ද සමරනායක
පිටු 277

0 comments:

Post a Comment