අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය

Author: Asith /

පසුගිය සතියේ ලෝක පුජිත ලේඛයෙකුගේ අපුරු පොතක් කියවන්නට ලැබුණ..ඒක තමයි " අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය "..විප්ලවීය දේශපාලන රාමුවක් තුල ගලා යන මෙමෙ කෘතිය, ගාමිණී වියන්ගොඩ මැතිතුමාගේ තවත් සාර්ථක පරිවර්තනයක්..මේ පොත ලියල තියෙන්නේ මාරියෝ වර්ගාස් යෝසා නම් ලතින් ඇමරිකානු සාහිත්‍යයධරයා...ලාංකික පාඨකයින් ආදරයෙන් වැලද ගත් " විසේකාරී " ත් මෙතුමා විසින් ලියන ලද තවත් රසවත් කෘතියක්..මාක්ස්වාදියෙකු ලෙස නිර්මාණකරණයට පිවිසි "යෝසා " දශක හතරක විතර කාලයක් තිස්සේ තමන්ගේ අද්විතීය, අතිසුක්ෂම ,විප්ලවවාදී සාහිත්‍ය ශෛලිය තුලින් කෘතින් ගණනාවක් එළිදැක්වීමට සමත් වුණා..ඒක හින්දම මෙතුමාට 2010 වර්ෂයේ දී සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට විතරක් නෙවෙයි ,සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් (Gabriel Garcia Marquez) වැනි ලතින් ඇමරිකානු සද්දන්තයන් සමග සමානයෙකු සේ සැලකෙන තරමට ලෝක සම්භාවනාවට පාත්‍ර වීමටත් හැකියාව ලැබුණ..

පොතේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි..අලහෙන්ද්‍රෝ මයිතා කියන්නේ පීරු රටේ ජනාකීර්ණ අපිරිසිදු ලීමා නුවර ජීවිත් වෙච්ච් තරුණයෙක්..පීඩිත පන්තිය වෙනුවෙන් නිරතුරුවම හඩක් නැගු ,දුගියන් හා ඒකාත්මික වෙන්න මාස ගණන් උපවාස කල විප්ලවවාදියෙක්..ඉතින් මේ මයිතාට මුණගැහෙනවා " බජෙහෝස් " කියන හමුදා ලුතිනන් වරයෙක්..අන්දිස් කදුවැටියෙන් වැහිච්ච පීරුහි භූගෝලීය පිහිටීම විප්ලවකිරීමට දෙයියෝ දීපු තෑග්ගක් විදිහට සලකන මේ ලුතිනන් වරයව මයිතාට මුණගැසෙන්නෙත් අහම්බෙන්..මයිතාගේ නැන්දනිය නම් කියන්නේ බජෙහෝස් ව හම්බ වුනේ මයිතාගේ කරුමෙටලු..කොහොම උනත් මයිතල , ලුතිනන්ල සහ තවත් විප්ලවවාදීන් එකතුවෙලා පවතින ක්‍රමය වෙනස් කරන්න කදුකරයේ කැරැල්ලක් දියත් කරනවා..අවාසනාවකට වගේ ඒ කැරැල්ල අසාර්ථක වෙනවා...ඉතින් මේ අසාර්ථක කැරලිකරු " අලහෙන්ද්‍රෝ මයිතාගේ " ජීවිතය අලලා ,පිටු 468 පුරාවට ලියා ඇති මේ කතාන්දරය මයිතගේ ජීවිතයට සම්භන්ද වුණු විවිධ පාර්ශව සමග කෙරෙන සංවාදයක ස්වරුපයෙන් ගලා යනවා..වාමාංශික දේශපාලනයේ මාක්ස්වාදය ලෙනින්වාදය , ස්ටාලින්වාදය වගේ ටිකක් බරසාර සංකල්ප වලින් ගහණ " අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය" දේශපාලනයට සම්භන්ද කෘති ගැන උනන්දුවක් දක්වන  සොයුරු සොයුරියන්ට වඩා රසවත් වේවි..
අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය - මාරියෝ වර්ගාස් යෝසා
The Real Life of Alejandro Mayta - Mario Vargas Llosa


0 comments:

Post a Comment