ආකර්ෂණීයයි......එහෙත්......මාරාන්තිකයි.
බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරිදි ජැකී ඊජිප්තුවේ සංචාරයකදී හමුවන ඊජිප්තු ජාතික ඕමාර් සමග පෙමින් බැදෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකනි..
සතියක කෙටි ඇසුරකින් පසු ඇය ඔහු හා විවාහ වන්නීය..දෙමවුපියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී, තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරුපය අනාවරණය වීමත් සමග සිය ජීවිතයේ මහා ඛේදවාචයකට මුලපුරන්නීය..ඕමාර්ට දාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය , ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්චීන අතවරවලට හා අපමණ කෲරකම්වලට ද මුහුණ දෙයි..අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යලි එංගලන්තයට පලා යාමයි..
මුස්ලිම් බිරිදක් එසේ පලාගිය විට මුස්ලිම් නීතිය අනුව " ෆට්වා " නමින් හැදින්වෙන මරණීය නීතිය ක්‍රියාත්මක වන බව ඇය දැන නොසිටියා නොවේ..
එහෙත් ජැකී ඒ සදහා ධෛර්ය සම්පන්නව තිර අදිටනින් යුතුව මුහුණ දීමට තීරණය කළාය.." මරණයේ සෙවණැල්ල " ලෙයින් කදුළින් ලියැවුණු ඇයගේ අනුවේදනීය සත්‍ය කතාවයි..
Fatwa: Living with a Death Threat by Jacky Trevane
මරණයේ සෙවණැල්ල : දිලීප ජයකොඩි

0 comments:
Post a Comment