ජීවිතයේ සරල කතාවක්

Author: Asith /

හොද පොතක්......" ජීවිතයේ සරල කතාවක් "

1922 බයිලෝරුසියාවේ උපත ලැබූ නිකොලායි එව්දොකිමෝව් සෝවියෙට් සංගමයේ ජනප්‍රිය ලේඛකයෙකි....මිනිසාගේ බාහිර ජීවිතය මෙන් ම අධ්‍යාත්මික ජීවිතයද උතුම් කොට සැලකීම පැරණි රුසියන් සාහිත්‍යකරුවන්ට ආවේනික වූ පුරුද්දකි....නිකොලායි එව්දොකිමෝව් විසින් රචනා කරන ලද නවකතා සහ කෙටිකතා වල ද පැරණි රුසියන් සාහිත්‍යකරුවන්ට ආවේනික වූ මේ ගුණාංගය දක්නට ඇත....මිනිසා දෛනික ජීවිතයෙන් ලබන අත්දැකීම් වලට වඩා අධ්‍යාත්මික අත්දැකීම්වලට ප්‍රමුඛස්ථානයක් දී ම ඔහුගේ සාහිත්‍ය නිර්මාණවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි....වෙසසින්ම යුද්ධය වැනි බාහිර බලපෑම් වලින් ජීවිතය විනාශ වුවද අධ්‍යාත්මික ජීවිතය විනාශ නොවන බවත්, මිනිසා විනාශ වූ ස්වකීය ජීවිතයේ සුන්බුන් එකතු කොට යලි අලුත් ජීවිතයක් ගොඩනගන්නේ ඔහු තුළ පවත්නා දයාව, කරුණාව , ඉවසීම , අන්‍යෝන්‍ය අවබෝධය , ආත්ම පරිත්‍යාගය ආදී ගුණාංගවලින් බවත් කතුවරයා අපට පෙන්වා දෙයි.....

මිනිසාගේ අධ්‍යාත්මික වර්ධනයට ප්‍රමුඛස්ථානයක් දෙන අපේ පැරණි සිංහල සාහිත්‍යය ඇසුරෙහි හැදුණු වැඩුණු අපට මේ කුඩා නවකතාව අගය කල හැකි යැයි සිතමි...මින් අපට ජීවිතාවබෝධයක් ද ලබා ගත හැකිය....

- ජීවිතයේ සරල කතාවක්
- සිරිල් සී පෙරේරා මැතිතුමා


0 comments:

Post a Comment